Silent Thoughts
Friday, April 1, 2016
වහින්න මුතු වැස්සක් !!!!
ගිනි ගෙන දැවෙනා මිහිකත
සනහා ගිම් නිවාලන්න
වියළුන මැලවුන ගහ කොල
ලා දල්ලෙන් වැසී යන්න
මියැදුන මල් කැකුළු වලට
ආයෙත් නව පණ ලැබෙන්න
තනි වී හඬනා මගෙ සිත
නලවා මා සනසවන්න
සෝ ලතැවුල් පහව යන්න
මුතු වරුසාවක් වහින්න!
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)